Wednesday, October 10, 2018

පිණි දෙව්දුව

තරු නොවිසි රෑ කදි
හඳපාන අද්දර
නුඹෙ මුහුණ දැක්කම
මං ගොළුයි ඇත්තට

ලොකු බෝල ඇස්වල
රණ හංස බැල්මට
හිත වසඟ වූකල
මම ඉන්නේ කොහොමද?

රතු රෝස මල් පෙති
වැනි රෝස තොල් පෙති
නලියද්දි විටකදි
ඉගිලෙනවා සිතුවිලි

උණුසුම්ම සියුමැලි
නුඹ ලමැඳ පව්වෙහි
හිස තියා නෙත් පෙති
මට පියා ගත්තැකි

-සුනෙත් වෙඩිවර්ධන-

Sunday, October 7, 2018

....මැණික....


බිනර වැහි ඇඳ හැලෙන ශබ්දයට බෙර වයන
හදවතේ රිද්මයට ගී කියන කෙවිලයක්
පුදුම ආදර හිතක උරුම කම් කරගත්ත
පරම සිතුවිලි වලත් ආදරේ අරගත්ත
ආදරේ පුරෝගෙන ආදරෙන් අතගගා
ඔප දැමූ  රන්මුවා පිලිමයක්

මුරන්ඩුම පවන් මත නැගී විත් කෑ ගසන
මේඝ පට ඉරාලන කෝපයට යට වෙච්ච දෙව්ලියක්
හරිත පැහැ සැනසුමට සුසුමකින් ඉඟි කරන
හිස තියා සැනසෙන්න හැකි පපුතුරක්

ලඟ නොවිසි විට මැරෙන
හදවතක ඇති උරුම
කුමරෙකුට ඇත ඒ වගේ කුමරියක්
රන්සළු දමා බිමට වඩමමා ගෙන පැමින
කරකාර ගත යුතු භාරියක්

-සුනෙත් වෙඩිවර්ධන-


Monday, September 10, 2018

මරදාන හන්දිය


උඹ තාම එහෙමමයි මරදාන හන්දිය
හැමදාම උඹ දානවා නේද මට කින්ඩිය
වෙනස් වෙන්නෑ මගෙත් තාම පොඩි පන්තිය
උඹ තාම එහෙමමයි මරදාන හන්දිය

කළුවර පාළු පාලම උඩ තාමත් ඉන්නවද
සුසුමක් හෙළුවොතින් කළුවර අහනවද
කීයක් සුසුම් දවසට උඹ අහනවද
කළුවර තැනක මගෙ කදුළුත් තියනවද

දහවල හිරුට තැම්බී රැ සඳ නැති අහස යට
දූවිලි වලින් පෙනහළු දෙක පුරෝගෙන
බරනැති ජීවිතේ සැප කන තියාගෙන
උන් නිදියනවා අගුපිල් ටික බෙදාගන

උඹ තාම එහෙමමයි මරදාන හන්දිය
මම තාම එහෙමමයි මරදාන හන්දිය
අපි එහෙම ඉන්නවා මේ අපේ පන්තිය
හැමදාම උඹ එහෙමමයි මරදාන හන්දිය

-සුනෙත් වෙඩිවර්ධන-

Sunday, May 27, 2018

මීදුමට වහංවුනු කතාවක්

දුම් නොමැති දුම්රියක
යන ගමන් ලියවුනු
මීදුමට වහංවුනු කතාවක්

අතීතය ලියන්නට හැකිනම්

තව එකම වතාවක්
කියවන්න තිබුනා
මිදුමේ හැංගිච්ච තවත් එක කතාවක්

මල් තුහින හැඩ කරපු ලතාවැල්

වෛයිවර්ණ මල් වැටුනු පාරවල්
ලාම ලා කොළ පාට සිහිනයක්
මිදුමේ හැංගිච්ච කතාවක්

දුම් නොමැති දුම්රියක

එනගමන් ලියවුනු
මිදුමෙන් වහන්වුනු කතාවක්
කාටවත් කියවන්න බැරි
හිත් වලම ලියවෙච්ච කතාවක්
මීදුමට වහංවුනු කතාවක්

-සුනෙත් වෙඩිවර්ධන-

Tuesday, May 15, 2018

අවසානයේ

සේද සුදු සළු මුදු වළාකුළු අහසක්ම හැඩකලා
අපි නොදන්නා හීනයක අපෙ ජීවිතය හිරවෙලා
අතරමං වුන හිත් මිරිගුවක නැවතිලා
මොහොතකට පෙර අමතකව ගිය ආදරේ හොයනවා

වැස්සකට පසු සේදිලා යන බිම
මඩදියේ හිත් දියවෙලා යනවා
සුසුම් ඉකිබිදිනවා
හාදු ඉහිරුණ සළුමතට ඒ කඳුළු බිදු වැටෙනවා

වියලුනා වූ ලවන් තෙත් කල දිය බිදක්
ළහෙහි වදිනා උණුසුම්ම දිගු සුසුම් සීතල කළා
අඩ අඳුර කළු වෙලා
සුවය නොවිදපු දෙනෙත් අභියස රූපයක් මවනවා

-සුනෙත් වෙඩිවර්ධන-


Friday, May 11, 2018

නුඹ තරහ වූ කළ


අඳුර ගොඩගලන කල දියවෙච්ච හිතකින්
කඳුළු පිණි කැටපතහි නුඹේ රුව බලමින්
උඩු හිතෙන් රවමින්
පුපුරමින් තරහින්
යටි හිතෙන් නුඹට මං ආදරෙයි කියමී.

කනාවට තරුවකුත් නැති අහස දෙස බලමී
කළාවට බිම වැටෙ පින්න රස බලමී
බිමින් හිද ගනිමී
අත්දෙකෙන් මුළු හිසම කසමී
මේ තරම් ආදරේ ඇයිද මම සිතමී

හීනියට විරහ රස ගීතයක් අසමී
පද පේලි අරුත් රස ඇත්ත දැයි සිතමී
ඒ වුනත් අපි තාම ආදරෙයි හෙතෙමී
ආයෙමත් සෘංගාර ගීතයක් අසමී

උදයින්ම ආයෙමත් නුඹේ හඩ අසමි
හදවතේ ගැඹුරින්ම ආදරෙයි කියමී
ටිකදිනක් ආදරෙන් වැළඳගෙන සිටිමී
රණ්ඩුවක් කරමි
ආයෙමත් මුළ ඉදන් මේ කවිය ලියමී

-සුනෙත් වෙඩිවර්ධන-

Saturday, April 21, 2018

රාගයට විකිනෙනවා ප්‍රේමය!!


දුක්බරම මොහොතක ඇස් අගින් බේරෙන
කදුලකින් වෑහෙන ස්නේහයේ රස්නය
ඒ තමයි ප්‍රේමය

රාගයට විකිනෙනවා ප්‍රේමය!!

කොයිතරම් බර ද ඒ ප්‍රේමය
ඇස් අගින් නොවැටෙන හිත අගීන් වෑහෙන
ඒ තරම් ලාබද විකුනුනේ කොහෙමද ?
පිවිතුරුම රතු පාට ප්‍රේමය
පිරිමියෙක් රිදවා පිරිමියෙක් අරගත්තේ
රාගයේ  මුදලටද
නොවිකෙනන වයි කියන ප්‍රේමය

රාගයට ලෝබ කල ආලය
යටකලා වූ ස්වප්නයකි ප්‍රේමය
ස්නේහයට උණු නොවෙන හදවත
රාගයට දැවෙනවා දැනෙයිද?

මියගිහින් ඒ ප්‍රේමය
ආදරේ ආලයද රාගයම පමණයි ප්‍රේමය.
රාගයෙන් දිවෙයි මේ ලෝකය
එහෙම් ලොව තියේවිද ප්‍රේමය
රාගයට විකිනෙනවා ප්‍රේමය!!

-සුනෙත් වෙඩිවර්ධන-